කොන්දොස්තරලා නොමැතිව බස් දුවන්න අවසර ඉල්ලයි

බස් රථවල ආදායම පහත වැටීම සහ සේවකයින්ගේ අඩුවීම පිළිබඳව අවධානය යොමු කර කොන්දොස්තර නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස සහ ඒ සඳහා මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
කොන්දොස්තරවරු නොමැති වීම නිසා දැනටමත් බස් රැසක් කොන්දොස්තර නොමැතිව ධාවනය කරන බවත් කී ගැමුණු විජේරත්න මහතා මෝටර් රථ ආඥා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයෙක් සහිත කියන වගන්තිය සහිත හෝ රහිතව ලෙසට වෙනස් කරන මෙන් ඉල්ලා සිටි බව පැවසුවේය.
එසේ සිදුවුවහොත් රියදුරු අසළ මුදල් ලබාගැනීම සඳහා පෙට්ටියක් සකස් කරන බවත් ජනතාව අවංකව කටයුතු කරනු ඇති බව විශ්වාස කරන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
734 Views
Comments