පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 කිරීම සම්මත වේ

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ අවම වයස වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 52 වී නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වෙන දිනයේ සිට වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් කාණ්ඩ තුනකට බෙදා උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි වන පරිදි මෙලෙස නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
710 Views
Comments