ආරවුලක් දුරදිග ගොස් කැත්තෙන් කපා පුද්ගලයෙක් ඝාතනය කරයි

ආරවුලක් දුර දිග යාමෙන් ගල්කඩවල ප්‍රදේශයේ නිවසක් තුලදි 34 හැවිරිදි පුද්ගලයෙකු කැත්තකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ඇලයාපත්තුව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ නවම් මාවත, කොළඹ 02 යන ලිපිනයේ පදිංචි මල්ලව ආරච්චිගේ පැතුම් මල්ලව ආරච්චි නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් ගල්කඩවල, අනුරාධපුර යන ලිපිනයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් ඝාතනයට යොදාගත් බව කියන කැත්තක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ සැකකරුගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් කැත්තකින් පහරදී ඇතැයි පොලිසිය කියයි.
පහර කෑමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇත.
සිදුවීම සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
742 Views
Comments