2018න් පසු ඉහළම එළවළු මිල වාර්තා වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

2018න් පසු ඉහළම එළවළු මිල වාර්තා වේ

2018න් පසු ඉහළම එළවළු මිල වාර්තා වේ

2018 වසරෙන් පසු වෙළඳපොලේ වාර්තා වූ ඉහළම එළවල මිල ගනන් මේ දිනවල වාර්තා වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරනවා.

 

එහි ආහාර පද්ධති සහ අලෙවි පර්යේෂණ ආයතන අංශයේ ප්‍රධානී නාලක විජේසූරිය මහතා සඳහන් කළේ පවතින වර්ෂාපතනය සහ දිලීර නාශක හිඟතාව මෙම මිල ඉහළ යාමට හේතුව බවයි.

 

මේ වන විට වෙළෙඳ පොළේ බීට්රූට්, වට්ටක්කා, පිපිඤ්ඤා, පතෝල, බණ්ඩක්කා වැනි එළවළු වල ඉතා ඉහළ මිලක් දැකිය හැකි අතර බෝංචි, තක්කාලි, මාළු මිරිස් කිලෝවක මිල රු. 400ත් 500ත් අතර පවතී

views

833 Views

Comments

arrow-up