ඉදිකර වසර 7 ක්වත් නොමැති දෙමහල් හෝටලය හාස්කමකින් මෙන් ජීවිත බේරා නායයයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

ඉදිකර වසර 7 ක්වත් නොමැති දෙමහල් හෝටලය හාස්කමකින් මෙන් ජීවිත බේරා නායයයි

ඉදිකර වසර 7 ක්වත් නොමැති දෙමහල් හෝටලය හාස්කමකින් මෙන් ජීවිත බේරා නායයයි

ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් ව්‍යාපාරික දෙමහල් ගොඩනැඟිල්ලක් කඩා වැටී අටබාගේ ඔයට පෙරළී ඇත. 

 

අධික වර්ෂාවත් සමඟ පසුගිය 10 වනදා රාත්‍රීයේ මෙම ගොඩනැගිල්ල නාය ගොස් තිබෙන බව ගම්පොළ පොලිසිය සඳහන් කරයි.

 

මෙම ගොඩනැගිල්ලෙහි හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි අයිතිකරු හා ඔහුගේ පුතා රාත්‍රී හෝටලය වසා එළියට ගිය පසු මෙම ගොඩනැගිල්ල නාය ගොස් ඇත.

 

දෙදෙනා එම හෝටලයට යාබද නිවසේ පදිංචිව සිටින අතර එම නිවසේද කොටසක් මෙම නාය යෑමට හසුව ඇත.

 

මෙම සිදුවීමෙන් ගොඩනැඟිල්ල කඩා වැටුණද ඔවුන් දෙදෙනාට මෙන්ම නිවසේ සිටි තවත් දරුවෙකුට සහ හෝටල් අයිතිකරුගේ බිරිඳට කිසිදු අනතුරක් වී නොමැත.

 

නායයාම හේතුවෙන් ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයද අටබාගේ ප්‍රදේශයෙන් ඉරිතලා ගොස් තිබෙන බැවින් වාහන ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පවසයි.

 

නායයෑම් අවදානම් සමඟ එහි සිටින නිවැසියන්ද පොලිසිය විසින් ඉවත් කර තිබේ.

 

මෙම හෝටලය ඉදිකර වසර හතක්වත් නොමැති බවත් නිවස වසර සියයක් පමණ පැරණි බවත් හෝටල් අයිතිකරුගේ සොයුරා පවසයි.

views

775 Views

Comments

arrow-up