NOV
05
අහසට නඟින එළවළු මිල

රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340 ක් දක්වා එළවළු මිල ඉහළ ගොස් තිබුණි.
සුපිරි වෙළෙඳසල්වල සාමාන්‍ය දිනකදී රුපියල් 40 කට පමණ අළෙවි කරන කුඩා දෙල් ගොඩියක් රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනුණි.
රට පුරා එළවළු සිල්ලර වෙළෙදාමේ නිතරවන්නන් පවසන්නේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සහ කොළඹ එළවළු වෙළෙඳපොලේ එළවළු තොග මිල ඉහළ යෑම නිසා සිල්ලර මිල ද ඉහළ ගොස් ඇති බවයි.
726 Views
Comments