නිවසට ආ ගිය තරුණයා 15 හැවිරිදි දැරියව ඇගේ මවගේ අනුදැනුම මත යතුරුපැදියකින් ගෙන ගොස් දූෂණය කරයි - අනුබල දුන් මවට වුනු දේ

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධව 33 හැවිරිදි තරුණයෙකු සහ ඊට අනුබල දුන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
දැනට මාස තුනකට පමණ පෙර මෙම දැරිය දූෂණයට ලක්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.
සැකකරු මෙම දැරියගේ නිවෙසට ආගිය අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
පසුගිය 06 වැනි දින දැරිය තම පුංචි අම්මාගේ නිවසට යන බව පවසා නවෙසින් පිටව ගොස් ඇති බවත් දැරිය නිවසට යළි නොපැමිණීම හේතුවෙන් දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබේ.
අදාළ දැරිය සැකකරු සමඟ යතුරුපැදියකින් ගොස් තිබෙන අතර ඇය 09 වසරේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියකි.
අනතුරුව දැරිය සහ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකොට ඇති අතර එහිදී ඇය දූෂණයට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.
සැකකරු සහ දැරියගේ මව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
4628 Views
Comments