අද දිනයේ බොහෝ ප්‍රදේශ වලට මි. මි 100 ඉක්මවූ තද වැසි - මුහුදු යෑමත් අවධානම්

දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය, අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතී.
දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහමධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය, අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතී.
ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට තද වැසි ද ඇතිවිය හැක.
පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං උතුරු හෝ ඊසාන දෙසින් හමා එන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළංවයඹ දෙසින් හමයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (35-40) පමණ වේ.
කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩි විය හැක.
දිවයිනට බටහිරින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
700 Views
Comments