නොසැලකිල්ල තිදරු පියාට මරු කැඳවයි - තුනකට බරපතලයි

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඩා ඇළ මාර්ගයකට පෙරලී සිදුවූ අනතුරෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් මගියෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි හැටන් පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ හැටන් දික්ඔය මාණික්‍ය වත්තේ පදිංචි කාර්තික වරායන් සුන්දරම් නැමති 63 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට යන අවස්තාවේදී ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
හැටන් සිට මරණකරු පදිංචි වතුයාය දක්වා ත්‍රිරෝද රථය ධාවනය කරවන අවස්තාවේදී ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයට පෙරලි මෙම අනතුර සිදුව ඇත.
ත්‍රිරෝද රථය අනතුරට පත්වන අවස්තාවේදී එහි රියැදුරා සමඟ මගින් තිදෙනෙකු ගමන් කර ඇති අතර අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා ඇතුළු මගින් තිදෙනෙකු බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.
705 Views
Comments