වල් අලි රංචුවක් ගම්මුන් නිවෙස්වල සිර කරයි

මහියංගණය මහවැලි ගඟේ දිවා කාලයේ රැඳි සිටින වල් අලි රංචු මහියංගණය සහ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිවාසලට හා දේපලවලට විශාල ලෙස හානි සිදු කරන බව ගම්වාසීහු පෙන්වා දෙති.
මහියංගණ, වේරගංතොට පාලම අසල වල් අලි 17 දෙනෙකුගෙන් පමණ යුතු විශාල අලි රංචුව මහවැලි ගඟ දිගේ ඉහලට යන බවද ගම්වාසීන් පවසයි.
මහවැලි ගඟ දිගේ යන මෙම අලි රංචුව විවිධ ස්ථානවල දිවා කාලයේ රැඳි සිටිමින් විවේක ගනිමින් සිට රාත්‍රිය වන විට ගම්බිම් කරා ගොස් මහජනයාට පිඩාවන් සිදු කරමින් සාමාන්‍ය ජන ජිවිතය අඩාල තත්වයකට පත් කරති.
706 Views
Comments