“ත්‍රිකුණාමලේ ගියාට පස්සේ කොවිඩ් හැදුණා, කොළඹ මළගෙදරකත් ගියා” - ගාමිණි ලොකුගේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

“ත්‍රිකුණාමලේ ගියාට පස්සේ කොවිඩ් හැදුණා, කොළඹ මළගෙදරකත් ගියා” - ගාමිණි ලොකුගේ

“ත්‍රිකුණාමලේ ගියාට පස්සේ කොවිඩ් හැදුණා, කොළඹ මළගෙදරකත් ගියා” - ගාමිණි ලොකුගේ

හදිසියේ ත්‍රිකුණාමලේට යෑමට සිදුවීමෙන් අනතුරුව තමාට කොවිඩ් වෛරසය වැළඳුන බව විදුලිබල අමාත්‍යය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

 

එහි යෑමෙන් අනතුරුව කොළඹ පැවැති අවමංගල්‍ය උත්සවයකට පවා තමාට සහභාගිවීමට සිදුවූ බව සඳහන් කල ගාමිණී ලොකුගේ මහතා කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසු ඒ පිළිබඳව සිදුකළ පරීක්‍ෂණවලදී කොවිඩ් 19 වැළඳී තිබෙන බව තහවුරුවූයේ යැයිද කියා සිටියේය.

 

කොවිඩ් වළක්වා ගැනීම සඳහා අවශ්‍යකරන එන්නත් දෙකම ලබාගෙන තිබූ බැවින් තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාගැනීමට ක්‍රියාශීලී නොවූ බවත් හෙතෙම කීවේය.

 

එන්නත් දෙකම ලබාගෙන තිබූ නිසා දරුණු රෝග ලක්ෂණ නැතැයිද කී ඔහු නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් තමා පෞද්ගලික රෝහලක පසුවන බවද පවසා සිටියේය.

 

පසුගිය දින කීපයේදී තමා සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් සියලූ දෙනාටම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසද ගාමිණි ලොකුගේ මහතා ඉල්ලා සිටියේය.

views

760 Views

Comments

arrow-up