"චොකෝ" ඉල්ලූ කට්ටියට සිසුවිය කොකා පෙන්නලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

"චොකෝ" ඉල්ලූ කට්ටියට සිසුවිය කොකා පෙන්නලා

"චොකෝ" ඉල්ලූ කට්ටියට සිසුවිය කොකා පෙන්නලා

 

මුහුණු පොත හරහා චොකලට් වර්ග ලබාදෙන බවට දැන්වීම් පළකර රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කළ පාසල් සිසුවියක් කිරුළපන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විවිධ වර්ගයේ චොකලට් විකිණීමට ඇති බව ඇය මුහුණු පොතේ දැන්වීමක් පළකර ඇත. ඒ අනුව ඉල්ලුම්කරුවන්ගෙන් මුදල් ගෙන්වාගෙන ඇය මෙම වංචාව කර ඇති බව අනාවරණය වී තිබේ.

 

ඒ අනුව ලද පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුවිය කිරම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

 

මෙම සිසුවිය එම පාසලේම අධ්‍යාපනය ලැබූ ප්‍රධාන ශිෂ්‍ය නායකව සිටි 22 හැවිරිදි තරුණයකුගේ ගිණුම් අංකයකට මෙම ඇණවුම් මුදල් බැර කරගෙන ඇති බවට හෙළිවී ඇත.

 

මොවුන් දෙදෙනා පොලිසියට කැඳවා විමර්ශන සිදු කිරීමේදී හෙළිවී ඇත්තේ සිසුවියගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි තරුණයාගේ මුදල් අවශ්‍යතාවක් මත ඔහුට මුදල් දීමට මෙම වංචා ක්‍රියාව සිදුකර ඇති බවකි.

 

ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.අයි. ගිනිගේ විසින් විමර්ශන සිදුකර දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග ලබාදී ඇත.

views

219 Views

Comments

arrow-up