ළමා මෙහෙකරුවන් සොයා ධනවත් නිවෙස් පරීක්ෂා කරයි

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසා සිටියේ පසුගිය දිනක හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ 16 හැවිරිදි දැරියක් මිය යාමේ සිද්ධියත් සමග ළමා මෙහෙකරුවන් සොයා කොළඹ ප්‍රදේශයේ ධනවත් නිවාස පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවයි.
කොළඹ හා ඒ අවට ධනවත් නිවාසවල බාලවයස්කාර දරුවන් ගෘහ සේවිකාවන් ලෙස රදවා තබාගෙන් ඇති බවත් ඉදිරි දින කිහිපය තුල ඒවා පරීක්ෂා කර අඩු වයස්වල දරුවන් සිටී නම් එම පදිංචිකරුවන් අත්අඩංගුවට ගන්නා බවත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසා සිටියේය.
ඔවුන්ට වාර්තා වී ඇත්තේ දුප්පත් පවුල්වල ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් කොළඹ සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල නිවෙස් තුළ ගෘහ සේවයේ යෙදෙන බවයි.
1204 Views
Comments