සීදුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

සීදුව බේස්ලයින් මාවතේ වාහනයක් පරීක්‍ෂා කිරීමේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ගිනිඅවි භාවිතයෙන් බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇත.
ඊයේ(17) රාත්‍රී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකටයුතු පුද්ගලයින් ගමන් ගත් වාහනයක් හඹාගෙන ගොස් එම පරීක්ෂාව සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
වෙඩි තැබීමෙන් වාහනයේ සිටි පුද්ගලයෙක් තුවාල ලබා මීගමුව රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ 44 හැවිරිදි සීදුවේ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
ජීවිතක්‍ෂයට පත්වූ පුද්ගලයා 1991 සිට සීදුව, වත්තල, මාතර, අකුරැස්ස, කටුනායක, රාගම ආදි පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකට හා මනුෂ්‍ය ඝාතන 6කට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම මෝටර් රථය තුළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සිට ඇති බවත්, එම ස්ථානයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
725 Views
Comments