පොළොන්නරුව - හබරණ මාර්ගයේ දරුණු අනතුරක්

අද (11) උදෑසන 6ට පමණ පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේදී දරුණු රිය අනතුරක් සිදුව ඇත.
පුත්තලම සිට මඩකලපුව, ඔට්ටමාවඩි දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසලවූ ගසක වැදීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් මෝටර් රථයේ ගමන් ගත් සිව්දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත්කොට ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්වේ.
එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වන අතර ඔහු මේවන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙසේ අනතුරට ලක්වු මෝටර් රථය පිළිබඳ නිරීක්ෂණය කිරීමට යෑමේ දී මින්නේරිය සිට හබරණ ප්‍රදේශය බලා ධාවනය වු තවත් මෝටර් රථයක් එම ස්ථානයේදීම ටිපර් රථයක ගැටී අනතුරට ලක්ව තිබේ.
ටිපර් රථයේ ගැටුණු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල වු කාණුවකට වැටී නතර වී ඇති එම අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නොමැත.
ටිපර් රථයේ රියදුරු අනතුරින් පසු පළාගොස් තිබේ. මින්නේරිය පොලීසිය අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
16519 Views
Comments