බවුසරයකින් ගංජා ඇද්ද දෙදෙනෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
04

බවුසරයකින් ගංජා ඇද්ද දෙදෙනෙකු අත්අඩංගුවට

බවුසරයකින් ගංජා ඇද්ද දෙදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මොවුන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ප්‍රවාහනය බවුසරයක් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබුණි.

 

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ සවස් භාගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී මෙම බවුසරය නවතා පරික්ෂා කර ඇත. එහිදී රථය තුළ තිබී ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 250 ක් පොලිසිය බාරයට ගැනුණි.


රථයේ රියැදුරු සහ සහායක පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

1071 Views

Comments

arrow-up