සිසුවිය පැහැරගත් උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

මෙසේ පැහැරගැනීමට ලකවූයේ ගාල්ල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවියකි.
ක්ෂේත්‍රයට අලුතින් පිවිසෙන ඡායාරුප ශිල්පියෙකුට ඡායාරූප ලබාගැනීමට බව පවසා 16 වියහි පසුවන පාසල් සිසුවියක් ගෙන්වාගෙන ඇයව පැහැරගෙන ගොස් ඇත් අතර සිද්ධියට සම්බන්ධ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට ඇත.
සැකකරු ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන ජුලි මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
පැහැර ගැනීමේ සිද්ධියට ආධාර අනුබලදුන් රූපලාවන්‍ය ශිල්පිනියක් සහ තවත් පුද්ගලයෙක්ද මෙම මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කලේය.
ඉකුත් 25 වනදා යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේදී අදාළ උපකාරක පන්ති ගුරුවරයා ත්‍රීරෝද රථයකින් එම දැරියව රැගෙන යමින් සිටියදී යතුරුපැදිකරුවෙකු මග හරස්කොට දැරියව බේරාගෙන තිබුණි.
941 Views
Comments