සුරතල් සතුනුත් නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

සුරතල් සතුනුත් නිරෝධායනයට

සුරතල් සතුනුත් නිරෝධායනයට

විදේශයන්ගේ සිට මෙරටට ආනයනය කරන සුරතල් සතුන් නිරෝධායන සඳහා යොමු කරන බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එම නිසා එම සත්වයින්ගෙන් කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

 

කෙසේ නමුත් සත්ත්වයින් හරහා මිනිසාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වන බවට මේ වනතෙක් තහවුරු වී නොමැත.

 

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි සිංහයකු ආසාදිත බව හඳුනා ගැනීමත් සමග මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු විය. පශු වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ මෙම සිංහයාට වෛරසය ආසාදනය වූයේ සේවකයින්ගෙන් බවට සැක කෙරෙන බවයි.

views

747 Views

Comments

arrow-up