කෝටි 200 හෙරොයින් තොගය පිටුපස ප්‍රභල පාතල කල්ලි නායකයෙකුගේ ගෝලයෙක් - (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

කෝටි 200 හෙරොයින් තොගය පිටුපස ප්‍රභල පාතල කල්ලි නායකයෙකුගේ ගෝලයෙක් - (PHOTOS)

කෝටි 200 හෙරොයින් තොගය පිටුපස ප්‍රභල පාතල කල්ලි නායකයෙකුගේ ගෝලයෙක් - (PHOTOS)

වැලිගම මිරිස්ස පොල්අතුමෝදර වෙරළ තීරයේදී අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගය මෙරටට ගෙන්වීම පිටුපස "හරක් කටා" නමින් හඳුන්වන ප්‍රබල පාතාලේ කල්ලි නායකයාගේ ගෝලයෙකු සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

 

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන්නේ මුහුදු මාර්ගයෙන් විශාල ප්‍රමාණයේ බහුදින යාත්‍රා යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

 

විශාල ප්‍රමාණයේ බහුදින යාත්‍රා මඟින් ගෙන එන මත්කුඩු පසුව මුහුද මැද දී කුඩා බෝට්ටුවලට පටවා ඇසුරුම් කර අනතුරුව බෙදා හැර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 09 දෙනා මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් බව පොලීසිය ප්‍රකාශ කළා.

 

රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව අද අලුයම සිදුකළ මෙහෙයුමකදී කිලෝ ග්‍රෑම් 219ක වටිනාකමකින් යුත් මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

අදාළ හෙරොයින් තොගය බහුදින යාත්‍රාවක් මගින් වැලිගම ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඩිංගි යාත්‍රාවකට පටවා පොල්අතුමෝදර වෙරළ තීරයේදී ගොඩබිමට ප්‍රවාහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

 

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමේදී ගෑස් සිලින්ඩර සහ ගෝනිවල සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට සමත්වුණා.

 

පෙරදා දිනයේදී මාතර කෝට්ටෙගොඩ ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇති අදාල බහුදින ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ දී විදේශීය ජාවාරම්කරුවන් මාර්ගයෙන් එම හෙරොයින් තොගය ලබාගන්නට ඇති බවට සැක පළ කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

 

 

views

1283 Views

Comments

arrow-up