JUN
07
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක හමුවක්

හෙට දිනයේ පාර්ලිමේන්තුව රැස් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට සැලසුම්කර තිබේ.
මෙම රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම පක්ෂ නායක හමුවට මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාද සම්බන්ධ වන බවට ආරංචි මාර්ග පවසයි.
817 Views
Comments