විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට වෙනම නිරෝධාන ක්‍රමවේදයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට වෙනම නිරෝධාන ක්‍රමවේදයක්

විදෙස්ගතව පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ද්විත්ව පුරවැසියන්ට වෙනම නිරෝධාන ක්‍රමවේදයක්

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ද්විත්ව පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට බලපාන නිරෝධන ක්‍රමවේද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යාවත්කාලීන කර තිබේ.

 

ඔහු විසින් නිකුත් කර ඇති නව චක්‍ර ලේඛනයේ සඳහන් වන ආකාරයට මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයකු හෝ ද්විත්ව පුරවැසියෙකු ඕනෑම කොවිඩ් මර්දන එන්නතක මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක කාලයක් සම්පූර්ණ වී ඇත්නම් හා එම පුද්ගලයාට ශ්‍රී ලංකාව තුළ නිවසක් පවතී නම් ඔවුන්ට එම නිවස තුළ දින 14ක් නිරෝධායනය වීමට හැකියාව පවතී.

 

කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදය ඉන්දියාව දකුණු අප්‍රිකාව වියට්නාමය හෝ දකුණු ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට බල නොපැවැත්වේ. ඔවුන් අනිවාර්යෙන් නිරෝධායන මධ්‍යස්ථානයක දින 14ක් නිරෝධායන විය යුතුය.

views

1307 Views

Comments

arrow-up