පාසල් සිසුන්ටත් කොවිඩ් මර්දන එන්නත - මුලින් එන්නත ලැබෙන ශ්‍රේණි මෙන්න

පාසල් නැවත විවෘත කිරීම සහ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම පිළිබඳව අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත් වී ඇත.
එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදියර කිහිපයක් යටතේ පාසල් යළි විවෘත කිරීම සඳහා ගුරුවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එන්නත් ලබාගත හැකි බව පවසා තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කලේ නැවත පාසල් ආරම්භ කරන්නේ නම් 11 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවයි.
එමෙන්ම 279,000ක් පමණ වන අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවලටද එන්නත ලබාදීමේ වැදගත්කම ලේකම්වරයා විසින් පැහැදිලි කර ඇත.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා නැවත පාසල් ආරම්භ කිරීමේ දී ගුරුවරුන් සහ දරුවන් ආරක්ෂිතව පාසලට ගෙන්වා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ද ලබා ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇත.
source: adaderana
4134 Views
Comments