කොළඹ රථවාහන පාලනයටත් චීනය මැදිහත්වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

කොළඹ රථවාහන පාලනයටත් චීනය මැදිහත්වේ

කොළඹ රථවාහන පාලනයටත් චීනය මැදිහත්වේ

කොළඹ දිස්ත්‍රික්කයේ රථවාහන පාලනය කිරීමට චීන ප්‍රධාන සන්නිවේදන ජාලයක් වන ටෙට්රා සංනිවේදන ජාලය බස්නාහිර පළාතේ මූලික වශයෙන් ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ.

 

මෙම ටෙට්රා සන්නිවේදන ජාලය යටතේ කොළඹ රථ වාහන පාලන පද්ධතිය සහ c.c.t.v කැමරා පද්ධතිය නවීකරණය කිරීම සහ ටෙටිට්‍රා සන්නිවේදන පද්ධතිය පොලිස් ටැබ් පරිගණක ජාලයට ද සම්බන්ධ කිරීමට නියමිතය.

 

මෙම ටෙට්ට්‍රා සන්නිවේදන ජාලය විමර්ශනය කිරීමට රජයේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස්දෙනෙක් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් හා නීති කෙටුම්පත් නිලධාරියෙකු ගෙන් සැදුම්ලත් කමිටුවක්ද  පත්කර ඇත.

views

879 Views

Comments

arrow-up