සේසතම උදුරාගෙන මහළු මව,පියා මහ පාරට දැමූ දියණිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
04

සේසතම උදුරාගෙන මහළු මව,පියා මහ පාරට දැමූ දියණිය

සේසතම උදුරාගෙන මහළු මව,පියා මහ පාරට දැමූ දියණිය

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මහලු යුවලක් තම එකම දියණිය විසින් නිවසින් පන්නා දැමීමේ ශෝකජනක පුවතක් වාර්තා වුණි. 

 

එම මා පිය යුවළ සතියක් තිස්සේ මැදිරිගිරිය බස් නැවතුමේ රැඳී සිටින අතර ඔවුන්ට අව්වට වැස්සට ආවරණයක් පවා නොමැතිව මැසි මදුරු පීඩාවන්ටද ගොදුරු වෙමින් බස් නැවතුමේ ජීවත්වන්නේ කුසට අහරක් පමණක් නොව රෝගී තත්වයනට බෙහෙතක් හේතක් හෝ නොමැතිවය.

 

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තමන්ගේ දියණියගේ කීම විශ්වාස කර ඔවුන් ජිවත් වූ නිවස විකුණා දමා දියණියගේ නිවෙසට මොවුන් පැමිණ තිබෙන අතර දියණිය හා ඇගේ සැමියා නිවස විකුණා ඔවුන් ලබාගත් මුදලද රැගෙන මොවුන් දෙදෙනාව නිවසින් පන්නා ඇත.

 

මෙම මව ජේ.ඒ. සීලවති නැමති ඇය 69හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ සැමියා වකුගඩු රෝගයෙන් පෙළෙන අයෙකි. එම නිසා ඔහුටද රැකියාවක් හෝ කිඍිමට හැකියාවක් නොමැත.

 

ඔවුනට අත්වූ ඉරණම පිළිබඳව ඇය මෙසේ හැඬූ කඳුලින් පැවසුවාය.

 

“ අම්මවයි තාත්තවයි අපි බලා ගන්නම් මුල් ඉඩම විකුණලා සල්ලි ටික දෙන්න කියලා 2019 අවුරුද්දේ පෙබරවාරි 4 වන දින අපේ දුව කිව්වා.

අපිට ඉන්න එකම දරුවා ඇය නිසා මම ඒ ඉඩම විකුණලා රුපියල් ලක්ෂ 6 දුන්නා.

අපිත් දුවව විශ්වාස කරලා මැදිරිගිරියට ආවා. ඒ ආපු හැටියේම දුව අම්මයි තාත්තයි දැනට ගෙයක් කුලියට අරගෙන යන්න කිව්වා.

ඉතිං අපි කුලියට ගෙවල් ගණනාවකම හිටියා. හිටි හැටියේම මගේ මහත්තයා වකුගඩු රෝගියෙක් වුනා. ඊට පස්සේ අපිට කුලී ගෙවා ගන්න මාරු වුණා.

 

කර කියා ගන්නම දෙයක් නිසා අපි මැදිරිගිරිය පොලිසියට ගියා.

පොලිසියෙන් අපිව දුවගේ ගෙදරට ගිහින් දැම්මා.

ඒ ගිහින් දාපු දවසට පහුවදාම මගේ දුවයි දුවගේ මහත්තයයි දෙන්නා අපිට ‘බැහැපියව් දොට්ට‘ කියලා පන්නලා දැම්මා. පිටිපස්සේ දොරෙන් අපේ බඩු එළියට වීසි කළා.

අපි දෙන්නා පහුගිය 04 වෙනිදා අපේ රෙදි කඩමළුත් අරගෙන යන ඒන මං නැතිව ඒ ගෙදරින් එළියට බැස්සා.

යන්න තැනක් තිබුන් නැති නිසා අපි මැදිරිගිරියේ බස් නැවතුමේ නතර වුනා.

 

බඩගිනිවුනාට කන්න දෙයක් ගන්නවත් අතේ සතේ තිබුනේ නෑ.

මගේ කුසින් වදපු දුවට වඩා ගුණයහපත් මිනිස්සු මේ නගරේ හිටිය නිසා එයාලා අපිට කන්න බත් පැකට් ගෙනත් දුන්නා.

මමයි මගේ මහත්තයයි දුව ලැබුනට පස්සේ ගොඩක් සතුටු වුනා.

දුව මගේ සල්ලිත් අරගෙන සැප පහසුවට ගෙයක් හදාගෙන ඒයාගේ දරුවොත් ඒක්ක සතුටින් කාලය ගතකරනවා.

පවු නෑ පුතේ මගේ කිරි ටික දීලා උස් මහත් කරපු මගේ දරුවට කවදාවත් වරදින්න ඒපා. අම්මෙක් විදිහට මම කවදාවත් අපිට කරපු දේට සාප කරන්නේ නෑ.”‍ යනුවෙන් ඇය පැවසුවාය.

 

අපේ මහ ඉඩම තිබුනේ මීගමුවේ, මිනුවන්ගොඩ ගුවන් හමුදා කදවුර ඉස්සරහයි.

දුවට සල්ලි හදිස්සියි කිව්ව නිසා ගොඩාක් අඩුවට තමයි ඒ ගේ විකුණන්න වුනේ.

ගේ විකුණපු සල්ලි ටිකත් අරගෙන බඩුත් පටවාගෙන අපි මැදිරිගිරියේ දුව බලන්න ආවා.

දුව අපිට කුලියට ඉන්න කිව්වත් අපි එදාවත් දුවට වචනයක්වත් කිව්වේ නෑ.

මම අද රටේ ඉන්න සියළුම දෙමවුපියන්ට කියන්නේ වැදුව දරවටවත් ජීවිත බුක්තිය නොතියා ඉඩ කඩම් දේපල වස්තුව ලියලා දෙන්න එපා.

එහෙම වුනොත් ඒදාට අම්මා තාත්තට යන ඒන මං නැතුව මහ මගට බහින්න වෙනවා.”‍

යැයි ද ඇය වැඩිදුරටත් කීවාය.

 

උපුටාගැනීම - ලංකාදීප

views

1655 Views

Comments

arrow-up