ජපන් යවන බව කියා මුදල් ගැරූ කාන්තාව අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

ජපන් යවන බව කියා මුදල් ගැරූ කාන්තාව අත්අඩංගුවට

ජපන් යවන බව කියා මුදල් ගැරූ කාන්තාව අත්අඩංගුවට

කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලින් පසු ජපානයේ රැකියා දෙන පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ. 

 

ඊයේ(10) දහවල් නවගමුව - බටේවෙල ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට පත්ව ඇත.

 

මුදල් රු 485,500 හා රු 361,000 ක මුදලක් වංචා කළ බවට ඇයට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය කියයි.

 

අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 49ක් වු දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාරිය සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 4ක් ද සොයා ගෙන තිබේ.

 

සැකකාරියට එරෙහිව විවිධ අධිකරණවල නඩු 32ක් හා එම අධිකරණ මඟින් නිකුත්කර ඇති වරෙන්තු 17ක් පමණ ඇති බවද අනාවරණය වී ඇත.

 

සැකකාරිය අද(11) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

901 Views

Comments

arrow-up