ආණ්ඩු පක්ෂයේ හමුවක් අද ජනපති ප්‍රධානත්වයෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ආණ්ඩු පක්ෂයේ හමුවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

ආණ්ඩු පක්ෂයේ හමුවක් අද ජනපති ප්‍රධානත්වයෙන්

ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන්ගේ සහ ආණ්ඩුවට හවුල්කාර පක්ෂ සියල්ලන්ගේ හමුවක් අද ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරු 6 ට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

 

 

බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිතව තිබියදී මෙම හමුව පැවැත් වීම සුවිශේෂී වන අතර රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අනාවරණය වූයේ ගම්මන්පිල මහතාට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළ මන්ත්‍රීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ බවයි.

 

 

එමෙන්ම අභිනවයෙන් පත්වූ නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා තමාගේ ඉදිරි දැක්ම සහ රජයේ නව වැඩපිළිවෙළ මැති ඇමැතිවරුන්ට ඉදිරිපත් කිරීම හා දැනුවත් කිරීමට නියමිතව ඇති බවයි.

views

868 Views

Comments

arrow-up