ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉවත් කරන වාහන අඩු මිලට විකිණීමේ ජාවාරමක්

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකයකු බව පවසමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙන්දේසි කිරීමට ඉවත් කළ වාහන අඩු මිලට අලෙවි කරන බව පවසමින් පුද්ගලයන් රවටා මුදල් ලබා ගන්නා ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළි වී ඇත.
මෙම ජාවාරම්කරු ලියවිල්ලකටද අත්සන් කර මුදල් ලබාගත් බව තහවුරු කරන්නේ ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනාගැනීමේ අරමුණින්ය.
නිට්ටඹුව පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරු කියා සිටියේ ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකයකු නොවන බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙන්දේසි කරන මෝටර් රථ අඩු මිලට ලබාදෙන බව පවසා ගැනුම්කරුවන් රැසකගෙන් මුදල් වංචාකර ඇති බවත්ය.
924 Views
Comments