නව ගෑස් සිලින්ඩරය ජනතාවට පාඩුයි ඇමති - බන්ධුල

ගෑස් සමාගම් විසින් නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමෙන් සිදුවී ඇත්තේ ජනතාව නොමඟ යැවීමක් පමණක් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
18 L ක නව ප්‍රිමියම් ගෑස් සිලින්ඩරය හඳුන්වා දුන්නද 12.5 kg පරණ ගෑස් සිලින්ඩරයද නොඅඩුව ඇති බව අදාල සමාගම් දැනුම් දුන්නද වෙළඳසැල්වල පාරිභෝගිකයින් සඳහා මිලදී ගැනීමට පරණ ගෘහස්ථ ගෑස් සිලින්ඩර (12.5 kg)නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
එමෙන්ම, මෙමගින් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බැවින් ,නව ප්‍රිමියම් ගෑස් සිලින්ඩරයේ ලීටර වලින් සදහන් ව ඇති ප්‍රමාණය කිලෝ ග්‍රෑම් වලින් සටහන් කරන ලෙසද,සිලින්ඩරයේ මිල රුපියල් එක්දහස් එකසිය පනහක් ලෙස නියම කරන්නැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා
980 Views
Comments