ඉෂාලිනීගේ දෙවන මරණය පරික්ෂණය සිදු කරයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය සම්බන්ධ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද(31) පේරාදෙණිය ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සමීර ගුණවර්ධන සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේරසිංහ යන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මඬුල්ල විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අද(31) උදෑසන පැය 9ක කාලයක් පුරා උදෑසන 8.30 සිට සවස 5.15 දක්වා මරණ පරීක්ෂණ කටයුතු සිදුකළ බවත් දැරියගේ මෘත ශරීරය සී. ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර ඇති බවත් හෙතෙම පැවසීය.
දැරියගේ මෘත ශරීරයේ අභ්‍යන්තර තුවාල අස්ථි බිදීම් ආදිය පිළිබඳව සොයාබැලීම සඳහා මෙම සි.ටි පරීක්ෂණය සිදුකළ බව අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේය.
808 Views
Comments