අද කාලගුණය

තවදුරටත් රට තුළ නිරිතදිග මෝසම් තත්වය බලපැවැත්වෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර , සබරගමුව පළාත්වල සහ ගාල්ල , මාතර , නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැක.
සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ ඌව පළාතේ ස්ථාන කිහිපයක හා අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්ක තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.
කිලෝමීටර 60ක් දක්වා තද සුළං මධ්‍යම කදුකරයේ , උතුරු , උතුරු මධ්‍යම , බස්නාහිර හා වයඹ පළාත්වල සහ හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි අතර දිවයින පුරා ප්‍රදේශවල කිලෝමීටර 40 - 50 දක්වා තද සුළං ඇතිවිය හැක.
889 Views
Comments