ඇමති ශෂීන්ද්‍ර ට නව විෂය පථයක් එක් වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ඇමති ශෂීන්ද්‍ර ට නව විෂය පථයක් එක් වෙයි

ඇමති ශෂීන්ද්‍ර ට නව විෂය පථයක් එක් වෙයි

පසුගියදා රාජ්‍ය ඇමතිවරුන් තිදෙනකු ගේ විෂය පථයන් වෙනස් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වූ අතර එය අද නැවතත් සංශෝධනය වී ඇත.ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිව තිබූ අමාත්‍යාංශයට තවත් නව විෂය  පථයක් එක්කොට ඇත.

 

 

ඒ අනුව  ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික සහ ස්වාභාවික පොහොරපාදන සැලසුම් සහ නියාමනය සහ  වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස පත්කොට ඇත.

 

 

මින් ඉහත ගැසට් පත්‍රය මගින් රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන මහතාට  ලබාදී තිබු විෂය පථයක්ද නව ගැසට් පත්‍රය මගින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ලබා දී ඇත.

views

814 Views

Comments

arrow-up