විපක්ෂයේ නායකයින් කදවුරු බදී

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කළ විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුව ඊයේ (17) කොළඹදී පැවැත්විය.
විපක්ෂයේ සංවිධාන පවසන ආකරයට වත්මන් රජය පරාජය කිරීමට ඔවුන් සමග විශාල පිරිසක් සිටින බවත් තවත් විශාල පිරිසක් ඔවුන් සමග එක් වීමට නියමිත බවත් එක්ව දීර්ඝ ගමනක් යන බවත් ප්‍රකාශ කලහ.
මෙම සමුළුව සඳහා සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පාඨලී චම්පික රණවක, හේමකුමාර නානායක්කාර, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු පක්ෂ නායකයින් හා නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
938 Views
Comments