ඉන්දු - ශ්‍රී ලංකා පලමු විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලන්කාව හා ඉන්දියාව අතර එක්දින තරගාවලිය තියුණු තරගයකින් පසුව ජයගන්නට ඉන්දියාව සමත්විය. එහෙත් එම තරගාවලියේදී ඉතා හොද තරගයක් ලබාදෙන්නට තරුණ ශ්‍රී ලන්කා කණ්ඩායම සමත්විය. තරග තුනකින් සමත්විත විස්සයි විස්ස තරගාවලියේ පලමු විස්සයි විස්ස තරගය අද (25) රාත්‍රී 8 ට ආරම්බ වීමට නියමිතව ඇත.
විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්බ කරන්නට මෙම තරගය ජයගැනීම අවශ්‍ය වන අතර , එම නිසා මෙම තරගය තීරණාත්මක වේ. හෙට තරගයේදී ශ්‍රී ලන්කා කණ්ඩායමේ වෙනස්කම් සිදුවිය හැක.පලමු විස්සයි විස්ස තරගයේදී ආරම්බක පිතිකරුවන් ලෙස අවිශ්ක සමගින් මිනෝද් බානුක හෝ පැතුම් නිස්සන්ක ක්‍රීඩා කරන්නට ඉඩ ඇත. එක්දින තරගාවලියේදී හොද ආරම්බයන් ලබාගන්නට මිනෝද් උදව් වුවත් වේගවත් පිතිකරණයක් විස්සයි විස්සේදී අවශ්‍ය වේ.
කුසල් පෙරේරා නොමැති නිසා මොවුන් දෙදෙනා අවිශ්ක සමගින් ක්‍රීඩා කරන්නට ඉඩ ඇත. පසුගිය එක්දින තරගවල අසාර්ථක වුවත් කොදෙව් විස්සයි විස්ස තරගාවලියේ හොද ආරම්බයන් ලබාගන්නට පැතුම් සමත්විය.
1052 Views
Comments