සෞඛ්‍ය සේවයට අද සිට යළිත් ඉන්ධන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

සෞඛ්‍ය සේවයට අද සිට යළිත් ඉන්ධන

සෞඛ්‍ය සේවයට අද සිට යළිත් ඉන්ධන

සෞඛ්‍ය සේවය සඳහා ප්‍රමුඛතා පදනම යටතේ ඉන්ධන ලබා ලබාදීම අද(15) සිට යළි ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

 

මීට පෙර සෑම සිකුරාදා දිනකදීම සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන ලබා දීම සිදු කළ අතර එය පසුගිය සති දෙක තුළ දී නතර කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ.

 

මේ අනුව යතුරු පැදියක් සඳහා ඉන්ධන ලීටර් හයක් ද ත්‍රීරෝද රථයක් සඳහා ලීටර් අටක් ද වශයෙන් ඉන්ධන ලබා දීම සීමා කර තිබෙන අතර මෝටර් රථ සඳහා ලිටර් 20ක සීමාවට යටත්ව සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

221 Views

Comments

arrow-up