කොළඹ නොමිලේ ඇන්ටිජන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

කොළඹ නොමිලේ ඇන්ටිජන්

කොළඹ නොමිලේ ඇන්ටිජන්

කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නිරතවන පුද්ගලයින් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් ඊයේ (15) ආරම්භ කර ඇත.

 

නොමිලේ මෙම ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර අතර ඕනම වෙලාවක මෙම ජංගම රථයෙන් පරීක්ෂාව සිදු කල හැක.

 

ඒ බොරැල්ල කැම්බල් පිටියේදීය.

 

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදීනි, වෛද්‍ය දිනූකා ගුරුගේ කියා සිටියේ සෑම දිනකම පෙරවරු 9 සිට 11 දක්වා එම කටයුතු සඳහා පහසුකම් පවතින බවය.

 


කොවිඩ් රෝග ලක්ෂණ තිබෙන ඕනෑම කෙනෙකුට මෙම පරීක්ෂණ සඳහා පෙනීසිටිය හැකි බවද ඇය සඳහන් කළාය.

views

752 Views

Comments

arrow-up