සජිත්ගේ ප්‍රකාශයට චරිතගෙන් පිලිතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

සජිත්ගේ ප්‍රකාශයට චරිතගෙන් පිලිතුරු

සජිත්ගේ ප්‍රකාශයට චරිතගෙන් පිලිතුරු

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති වරයා කෝප් කමිටුව හමුවට පැමිණීමට අදාළ දර්ශන සහ හඬ පට මාධ්‍යයට නිකුත් නොකිරීම පිළිබඳ තමා සිය අප්‍රසාදය පළ කරන බව පසුගිය දිනක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියා.

 

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අදාළ වීඩියෝ පට ලබන සදුදා(27) මාධ්‍යයට නිකුත් කරන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ට්විටර් පණිවිඩයක් මගින් දක්වා තිබෙනවා.

 

කෝප් කමිටුව හමුවේ සිදු කරන සිදුකරන පරීක්ෂණවල තොරතුරු තමා කිසිවිටකත් නොසගවන බවත්, කෝප් කමිටුව තුළ සාකච්ඡා වූ කරුණු විපක්ෂ නායකවරයාට නිවැරදිව සන්නිවේදනය වී නොමැති බවත්, ඔහු නායකත්වය දරන සමගි ජන බලවේගයේ සාමාජිකයන් ද කෝප් කමිටුව නියෝජනය කරන බැවින් ඔවුන්ගෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් සභාපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා සිටිනවා.

views

196 Views

Comments

arrow-up