ශ්‍රී ලංකාවේ අතිරික්ත ෆයිසර් මියන්මාරයට දී සහල් ගේන්න යයි

පසුගිය සමයේ මෙරටට ආනයනය කරනු ලැබූ නමුත් ප්‍රයෝජනයක් නොගත් ෆයිසර් එන්නත් ලක්ෂ හයක තොගයක් මියන්මාරයට ලබාදී ඒ වෙනුවෙන් එරටින් සහල් ලබාගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් සේවා අධ්‍යක්ෂ සහ ඖෂධ ආධාර පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි දන්වා තිබේ.
තව මාස කිහිපයකින් කල් ඉකුත් වීමට නියමිත මෙම එන්නත් ශ්‍රී ලංකාවේ තබාගැනීම නිෂ්ඵල බවත් මේ වනවිට කොවිඩ් සමනය වී ඇති පසුබිමක ලංකාවේ කොවිඩ් එන්නත්කරණයට පිරිස් නොපැමිණෙන බැවින් අතිරික්තය නාස්ති වීමට පෙර හුවමාරු ගනුදෙනුවක් සඳහා යෝජනාවී ඇත.
මේ ගැන යෝජනා කළ විට එම එන්නත් තොගය බාරගැනීමට මියන්මාරය කැමැත්ත පළ කර තිබේ.
314 Views
Comments