X Ray ගන්නත් ඩොලර් නෑ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
11

X Ray ගන්නත් ඩොලර් නෑ

X Ray ගන්නත් ඩොලර් නෑ

පවතින ඩොලර් අර්බුදය හමුවේ X Ray පිටපත් ලබාගැනීමට අවශ්‍ය ඡායා පටල වල හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ශණවේදීන්ගේ සංගමය පවසනවා.

 

මේ නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති අතර රෝහල් බොහොමයක ප්‍රතිකාර කටයුතු වලට බාධා ඇතිවී ඇති බවයි ඔවුන් තව දුරටත් පවසා සිටින්නේ. 

 

මේ හේතුවෙන් ප්‍රධාන රෝහල් කීපයක පමණක් නවීන තාක්ශණයෙන් යුත් පැක් සිස්ටම් නම් ක්‍රමයක් භාවිතා කරන අතර මෙම ක්‍රමය දියුණු කිරීමෙන් දෛනිකව X Ray පිටපත් ලබාගැනීමට අවශ්‍ය ඡායා පටල සඳහා වැයවන රුපියල් 215,000ක පමණ මුදලක් ඉතුරු කරගැනීමටද හැකි වන බව ඔවුන් තවදුරටත් පවසා සිටිනවා.    

views

412 Views

Comments

arrow-up