ඉන්ධන පෝලිමේ නවතා තිබූ බසය හොරෙන් ගෙන ගොස් ඉන්ධන ඇද්ද සිසුන් දෙන්නා මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

ඉන්ධන පෝලිමේ නවතා තිබූ බසය හොරෙන් ගෙන ගොස් ඉන්ධන ඇද්ද සිසුන් දෙන්නා මාට්ටු

ඉන්ධන පෝලිමේ නවතා තිබූ බසය හොරෙන් ගෙන ගොස් ඉන්ධන ඇද්ද සිසුන් දෙන්නා මාට්ටු

ඉන්ධන ලබාගැනීම සඳහා තම අවස්ථාව පැමිණෙන තුරු පැය ගණනක් කල්ගත කළ යුතු බැවින් පිරවුම් හල ආසන්නයේ පෝලිම්වල නවතා වෙනත් වැඩවලට යන බස් රථ රියදුරන් ගැන අවධානයෙන් පසුවී නවතා ඇති බස් රැගෙන ගොස් ඉතිරිව තිබෙන ඉන්ධන ඇද කළු කඩයේ විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිව ඇත.


මෙම කටයුත්තෙහි නිරත බාලවයස්කාරයන් දෙදෙනෙකු ගැන හෝමාගමින් වාර්තා විය.

 
හෝමාගම, ගලවිලවන්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලීමක නවතා තිබුණු පෞද්ගලික බස් රථයක් පසුගියදා රාත්‍රී සොරාගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි.


හෝමාගම පිටකොටුව 138 බස් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් ඉන්ධන ලබා ගැනීමට ගලවිලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පෝලිමේ නවතා තිබියදී මත්තෙගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු එක්වරම බස් රථය පණ ගන්වා පලා යන අයුරු ඉන්ධන පෝලිමේ රැඳී සිටි වෙනත් රියදුරකු දැක ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇත. 


බසය සොයා ගිය පොලිසිය සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉන්ධන සොරාගැනීමේ අරමුණින් මෙම බස් රථය පැහැරගත් බවත් මීට පෙර කොට්ටාව සහ මහරගම බස් රථ දෙකක්ද පැහැරගෙන ඉන්ධන සොරාගෙන නැවත බස්රථ දෙක මහමග අතහැර දමා ගිය බවත් පාපොච්චාරණය කර ඇත.


15 වියැති බාලවයස්කාර එක් සැකකරුවෙකුගේ අයහපත් චර්යා රටාව හේතුවෙන් පාසලෙන් නෙරපූ අයෙකු බවද පොලිසිය පවසයි. 


සැකකාර ළමුන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

266 Views

Comments

arrow-up