රෝහල් වහන දිනය අත ළඟයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

රෝහල් වහන දිනය අත ළඟයි

රෝහල් වහන දිනය අත ළඟයි

ඉන්ධන ලබාදීමේදී සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණද මේ වනතුරු එවැන්නක් ක්‍රියාත්මක නොවන බැවින් නුදුරේදීම වෛද්‍ය සහ සේවක හිඟයෙන් රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (17) පැවසීය.


කළු කඩ මුදලාලිලා, වෙනුවෙන් ඉන්ධන එක්රැස් කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින තෙල් ජාවාරමුන් හේතුවෙන් මෙම තත්ත්වය ඉතා නරක අතට හැරී ඇතැයි වෛද්‍යවරයා කියා සිටියේය.


මෙම ඉන්ධන ජාවාරමුන් ඉදිරියේ පොලිසිය සහ යුද හමුදාව මුනිවත රැකීමෙන් ඉන්ධනහල් වෙත යන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයිද කීවේය.

 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙසේද කීවේය.

 

“ඉන්ධන මාෆියාව අද හොඳ ආදායම් මාර්ගයක් වෙලා. කළු කඩ වෙනුවෙන් ඉන්ධන එකතු කරන ජාවාරමුන් පෙට්‍රල් බෝතලය රුපියල් 650ටත් ඩීසල් බෝතලය රුපියල් 550ටත් විකුණනවා.

අත්‍යවශ්‍ය සේවාවන් වන සෞඛ්‍ය සේවාවට ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය ලබාදෙන බව කීවට මෙම ජවාරම් කරන පිරිස නිසා එවැන්නක් තවම සිදුව නැහැ.”

views

259 Views

Comments

arrow-up