පාර්සල් 08ක අසුරා තිබූ මිලියන 05ක ගංජා අත්අඩංගුවට

මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ කේරළ ගංජා කිලෝ ග්රෑම් 17කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වන බව ගණන් බලා තිබේ.
පාර්සල් 08ක ඇසුරූ මෙම කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ ප්‍රමාණයක් මෙලෙස හමුදා භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා භාරයට ගත් ගංජා තොගය පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
770 Views
Comments