හැම ගමකින්ම නව ව්‍යවසායකයෙක් - ඇමති නාමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

හැම ගමකින්ම නව ව්‍යවසායකයෙක් - ඇමති නාමල්

හැම ගමකින්ම නව ව්‍යවසායකයෙක් - ඇමති නාමල්

සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙක් බිහිකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ තරුණයින් ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණපා සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

 

‘කොරෝනා වසංගත තත්ත්වය සමඟ ඉතාමත් අපහසු කාලසීමාවක් ගතකිරීම හේතුවෙන් ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපෑමක් ඇති වී ඇතැයිද කී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ලබන වර්ෂයේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කිරීම උදෙසා සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවත් පවසා සිටියේය.

 

සෑම ගමකම දක්‍ෂ ව්‍යවසායකයෙක් බිහිකර ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළදපොළට අන්තර්ජාලය ඔස්සේ බෙදාහරින වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

views

705 Views

Comments

arrow-up