“සාධු නිදන කාමරේට ඇවිත් කකුල් මසාජ් කරන්න කීවා - සාධු ආර්ය උත්තමයෙක්, ආර්ය බලයෙන් මාව පොළඹවා ගත්තා”- දූෂණය වූ බාලවයස්කාරිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

“සාධු නිදන කාමරේට ඇවිත් කකුල් මසාජ් කරන්න කීවා - සාධු ආර්ය උත්තමයෙක්, ආර්ය බලයෙන් මාව පොළඹවා ගත්තා”- දූෂණය වූ බාලවයස්කාරිය

“සාධු නිදන කාමරේට ඇවිත් කකුල් මසාජ් කරන්න කීවා - සාධු ආර්ය උත්තමයෙක්, ආර්ය බලයෙන් මාව පොළඹවා ගත්තා”- දූෂණය වූ බාලවයස්කාරිය

ගම්පහ සිරිමල් උයන ප්‍රදේශයේ උත්පලවන්නා පුදබිම නමින් පවත්වාගෙන යන දේවාලයේ සාධු යන ආරූඪ නමකින් හැඳින්වෙන 32හැවිරිදි පුද්ගලයෙකු අවුරුදු දහසයයි මාස අටක් වයසැති තරුණියක්ව රවටා ලිංගික අතවර කළ කපුවෙකුව ලබන 25 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ අධිකරණය නියෝග කර තිබේ. 

 

අපල දුරුකර ගැනීම උදෙසා දැරියගේ මව ඇතුළු ඥාතීන් පිරිසක් සමඟ සැකකරුගේ දේවාලයට ගොස් ඇති තරුණිය එම දේවාලයේ සකස් කරන කොවිඩ් මර්දන බෙහෙත් වට්ටෝරුවක් සැකසීම සඳහා උදව් කර පසුව එසේ උදව් කිරීම සඳහා නැවත ගිය අවස්ථාවකදී සැකකරු විසින් තරුණියව රවටා ලිංගික අතවර කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 

“සාධු මගේ ආර්ය කේන්ද්‍රය බලලා මගේ කායික ශක්තිය දුර්වලයි කියා කිව්වා. සාධු ආර්ය උත්තමයෙක්. ශුද්ධ ශක්තිය ගබඩා වී තිබෙනවා කියලා කිව්වා.එවැනි පුද්ගලයෙකු තරුණියක් වැළඳ ගත් විට ඇයට ශක්තිය ලැබී ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන බවත් පෘථග්ජන පුද්ගලයින්ට මෙන් සාධු වැනි අයට රාග සිතක් පහළ නොවන බවත් පැවසුවා. 

 

සාධුගේ නිදන කාමරයට ඇවිත් ඔහුගේ පාද මසාජ් කර දෙන ලෙස පවසා සිටියා. සාධු ආර්ය උත්තමයෙකු නිසා තමන් එම කටයුතු සඳහා සාධුගේ නිදන කාමරයට ගිය බව ඈ සදහන්කර තිබේ.

 

“කාමරයේදී ලිංගික අතවර කරන්න හදන්න ආ අවස්ථාවේ ඊට අකමැති වු නිසා සාධු ආර්ය ශක්තියෙන් මාව පොළඹවා ගත්තා“ යැයිද වින්දිත තරුණිය පොලිසියට ප්‍රකාශ ලබාදී ඇතැයි ගම්පහ පොලිසිය අධිකරණයට කරුණු අනාවරණයවී ඇත. 

 

- නෙත් නිවුස් -

views

91031 Views

Comments

arrow-up