යල්පැන ගිය නීති 60ක් අලු‍ත් කරන්න යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

යල්පැන ගිය නීති 60ක් අලු‍ත් කරන්න යයි

යල්පැන ගිය නීති 60ක් අලු‍ත් කරන්න යයි

යල්පැන ගිය පැරණි නිතී 60ක් හඳුනාගෙන ඒවා වර්තමානයට ගැළපෙන ලෙස සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසා සිටියේය.

 

අධිකරණ පද්ධතියේ පවතින අපරාධ, වාණීජ සහ සිවිල් නිතී ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඒ අනුව කමිටු තුනක් පත්කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

අලි සබ්රි මහතා මේ බව පැවසුවේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ එහි ප්‍රධානීන් සමඟ රාජගිරියේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ(13) පැවැති හමුවකදීය.

 

මෙලෙස නිති සංශෝධනය කෙරුණේ වසර 20කින් පමණ බවත්, අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන ඒ සදහා අවශ්‍ය විසදුම් ලබාදීමේ ක්‍රවේදයක්ද සකස් කර ඇති බවත් අමාත්‍ය අලි සබ්රි මහතා මෙහිදී පැවසීය.

views

701 Views

Comments

arrow-up