මාමාගේ අත ඇඟෙන් වෙන්කර කිඹුල් වළකට විසිකෙරූ පූසාරි බෑණා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

මාමාගේ අත ඇඟෙන් වෙන්කර කිඹුල් වළකට විසිකෙරූ පූසාරි බෑණා

මාමාගේ අත ඇඟෙන් වෙන්කර කිඹුල් වළකට විසිකෙරූ පූසාරි බෑණා

කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මාමණ්ඩියගේ අත වෙන්වන සේ තියුණු ආයුධයකින් කපා ඇතැයි කිලිනොච්චිය පොලීසිය කියයි.

 

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් මත මෙලෙස බෑණා විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

 

සිදුවීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහුගේ වෙන්වු අත වතුර වළකට විසිකර තිබියදී සොයාගෙන තිබිණි.

 

ප්‍රදේශවාසීන් පැවසුවේ පූසාරිවරයෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙකු විසින් සිය මාමාගේ අත වෙන්කර කිඹුලන් සිටින වළකට විසිකර ඇති බවයි.

 

බරපතල තුවාල ලැබු පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් සැකපිට බෑණාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

views

790 Views

Comments

arrow-up