OCT
31
අනුරාධපුර ප්‍රාථමික අංශයේ පාසල් සිසුන් 30කට කොවිඩ්

හොරොව්පොතාන, තඹුත්තේගම සහ පදවිය යන ප්‍රදේශවල ප්‍රාථමික අංශයේ පාසල් සිසුන් 30ක් ගුරුවරුන් තිදෙනකු සහ එක් විදුහල්පතිවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරුවූ බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා සඳහන් කළේය.
ඔවුන් අතරින් වැඩි සංකූලතා පෙන්වූ පිරිස් රෝහල් ගතකර තිබෙන අතර සෙසු පිරිස් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 100 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ.
825 Views
Comments