JAN
11
රතු මැණිකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 450 ක් වටිනා රතු මැණිකක් නීති විරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරට ලැබුණු තොරතුරක් අනුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය මූකලන්හේන ප්‍රදේශයේ පදිංචි සමරසිංහ ආරච්චිගේ චමිල් කුමාර නැමැති හතළිස් එක් හැවිරිදි පුද්ගලයකු සහ මන්ඩපොල මඩිකපඩාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දුරලියගොඩ කංකානම්ගේ සුසන්ත නැමැති පුද්ගලයෙක්.
189 Views
Comments