JAN
04
කොළඹ කතරගම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව නවතී

කොළඹ කතරගම අතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (04) මැදියම් රැයේ සිට නවතා දැමීමට ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.
ඒ අනුව එම මාර්ගයේ සාමාන්‍ය බස් රථ සහ සුඛෝපභෝගී බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නව ගාස්තු සංශෝධනය සමඟ අර්ධ සුඛෝපභෝගී බස් රථ වෙනුවෙන් අය කළ රුපියල් 1541ක ගාස්තුව රුපියල් 1117ක් දක්වා අඩු වන බවයි.
193 Views
Comments