සායනය කඩා ත්‍රිපෝෂ පැකට් 50ට අධික ප්‍රමාණයක් සොරාගෙන
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

සායනය කඩා ත්‍රිපෝෂ පැකට් 50ට අධික ප්‍රමාණයක් සොරාගෙන

සායනය කඩා ත්‍රිපෝෂ පැකට් 50ට අධික ප්‍රමාණයක් සොරාගෙන

 

ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට බෙදා දීමට තිබූ ත්‍රිපෝෂ පැකට් 50කට අධික ප්‍රමාණයක් පුද්ගලයෙක් විසින් පසුගිය දෙවනදා අළුයම අගුනොච්චිය ගම්මානයේ ස්ථාපිත කර තිබු ළමා හා මාතෘ සායනයේ ගබඩාවෙන් සොරාගෙන තිබෙනවා.

 

මැදවච්චිය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මේ සම්බන්ධ පැමිණිල්ලක් මැදවච්චිය පොලීසිය වෙත ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

 

අගුනොච්චි ඇතුළු අවට ගම්මාන 05කට පමණ මෙම සායනය මඟින් සායන පහසුකම් ලබා දෙන අතර දෛනිකව සායනයට 200කට ආසන්න පිරිසක් පැමිණෙන බවයි එම සෞඛ්‍ය කාර්යාලය සඳහන් කළේ.

views

208 Views

Comments

arrow-up