ලෝක ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය ඔක්තෝබර් 6 වැනි අද දිනට යෙදී තිබෙනවා.
මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ගුරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල්තැන ගන්නා බවත් ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මඟ නොමඟ පසක් කරන මාර්ගෝපදේශකය ගුරුවරයා බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රජය බැඳී සිටින බව ද ජනපතිවරයා පණිවිඩයේ දක්වා තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද ගුරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් ඉටු කරන අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත බඳු ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය පුද කරන බවයි.
321 Views
Comments